පාරිභෝජනයේ ඉතිහාස කතාව


                                                                   01  පරිච්ඡේදය


නව යොවුන් සුර්යයා තම තේජස් සම්පන්න රශ්මි දහරාවන් ක්ෂිරපතයේ එක් කෙලවරක් පුරා විහිදුවමින් සිය රාජධානිය පිහිටුවාගෙන සිටියේය.ඔහු වටා සක්මන් කරන ලොකු කුඩා ග්‍රහ වස්තු හිරුගේ බලසම්පන්න ගුරුත්ව බලයට යටත්ව ආලෝකයද උනුසුමද විදිමින් කල් ගෙවිය.ගිනියම්ව දැවෙන බුද සිකුරු වැනි සුර්යාට ආසන්නව පිහිටි ග්‍රහ වස්තුවල පැවති කර්කෂ ගිනියම් උනුසුමද ඈත කෙලවර පිහිටි යුරේනස් නෙපුචුන් වැනි ග්‍රහ ලෝක වල වායු මිදෙන අදුරු සිතලද වෙනුවට පෘතුවිය හා අගහරු වැනි ග්‍රහ වස්තුවල පැවතියේ ප්‍රභාමත් මධද්‍යස්ත උෂ්නත්වයකි.
පෘතිවියේ පැවති මෙම මධද්‍යස්ත උෂ්නත්වය කාලයාගේ අවැමෙන් ජලය ද්‍රව අවස්තාවේ පවත්වා ගත හැකි උෂ්නත්වයක් දක්වා පහත බැස තිබිම හේතුවෙන් මහා සාගර බිහිව පෘතිවි තලයෙන් වැඩිකොටසක් වසා පැතිර පැවතියේය.කලක් තිස්සේ වරින් වර එක් රැස්වු වායු දහරාවන් පෘතුවි ගෝලය වටා පුලුල් වායුගෝලයක් නිමකරන්නට විය.එහි ඉහලින්ම පිහිටි ස්තරයන් සුර්යාගේ සිට පැමිනෙන විසකුරු පාරජම්බුල විකිරන හමුවේ ප්‍රකාශ රසායනික ප්‍රතික්‍රියාවන් සිදුකර තවදුරටත් එම විකිරණයන්ට පෘතුවිතලයට පැමිනිමට නොහැකිවන අයුරින් ඕසෝන් වායු වියනක් තනා තිබිනි.
ආරක්ෂිත වියනක් යට පිහිටි මහා සාගර පෘෂ්ටය මෙන්ම ගොඩබිම් තලය, වැස්ස සුලග අකුණු විදුලි කෙටීම් මැද වසර ප්‍රකෝටි ගනනක් සුර්යාලෝකයට නිරාවරනය විය.මුල මහත් පෘතිවි තලයම සෝදාගෙන පැමිනි ගංගා වෝ සාගරයට එක්කල විවිධ රසායනික පදාර්ථයන් මෙන්ම වායුගෝලය තුල සංස්ලේෂනයවී වැසි සමග සාගරයට එක්වු රසායනිකයන්ද මිශ්‍රවුපසු එය එකම රසායනික සුපයක් බවට පත්විය.එහි එක් එක් රසායනිකයන් අතර සිදුවු රසායනික ප්‍රතික්‍රියාවන් අතිමහත්ය.
මෙවා අතරින් බොහොමයක් රසායනික ප්‍රතික්‍රයාවලදි සිදුවුයේ වැඩි රසායනික ශක්තියක් අංතර්ගතව පැවති මුලද්‍රව්‍ය හෝ සංයෝග වෙනත් මුලද්‍රව්‍යයක් හෝ සංයෝගයක් සමග ප්‍රතික්‍රියාවෙන් සාපේක්ෂව අඩු ශක්තියක් සහිත සංයෝග බවට පත්වි ස්ථායිවිමකි.පොදුවේ ගත්කල විශ්වය පුරා සිදුවන බොහොමයක් රසායනික හා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වල අවසන් ඉලක්කය වනුයේ අංතර්ගත ශක්තිය අඩුකරගනමින් ප්‍රතික්‍රියාශිලි තාව අඩු වඩාත් ස්තායි තත්වයකට පත්විමය. විශ්වයේ ආරම්බයේ සිට මේ දක්වා තාරකා මන්දාකිනි ග්‍රහ මන්ඩල සියල්ලෙහිම සිදවන්නේ හැකිතාක්දුරට එකිනෙකින් ඇත් වෙමින් ලිහිල් වෙමින් අඩුශක්ති තත්වයන්ට පත්වි සථායිවිමේ ක්‍රියා දාමයයි.
වඩාත් වැඩිශක්තියක් අංතර්ගත විකිරණශිලි ද්‍රව්‍යයන් න්‍යෂ්ටික විකන්ඩනයන්ට ලක්වෙමින් විකිරනශිලි තාව අඩු මුලද්‍රව්‍ය බවට පත්වන අතර එම ද්‍රව්‍යයන් ඔක්සිකරනය වැනි සුලබ ප්‍රතික්‍රියා ඔස්සේ තවදුරටත් ශක්තිය මුදාහැර සරල විමට පෙලඹේ.මෙවන් පසුබිමක පෘතිවිය නම් ග්‍රහලොවේ මහා සාගරය තුල මේ මහා ලෝක සම්මතයට පටහැනිව යන අපුරු ප්‍රවනතාවයකින් යුතු රසායනික ක්‍රියාදාමයක් ආරම්බවිය.
එනම් කාබන් මුලික කරගනිමින් හියිඩ්‍රජන් , ඔක්ෂිජන් වැනි මුලද්‍රව්‍ය මුලිකත්වයෙන් ගොඩනැගුනු ඇතැම් සංකිර්න රසායනික අනු තවදුරටත් අනු අතර රසායනික බන්දන අතිවිශාල සංඛ්‍යවක් ඇතිකරගනිමින් යෝද බහු අවයවික  අනු ගොඩ නංවන්නට විය. මේ වා අතර කාබෝහයිඩ්‍රෙට , ප්‍රෝටින හා න්‍යශ්ටික අම්ල(DNA සහ RNA) වැනි යොද අනු සහිත රසායනිකයන්ට ඒවාටම අනන්‍යවු සුවිශේෂි ගුනංග පැවතිනි. සෙලියුලෝස් වැනි කාබෝහයිඩ්‍රෙට වල පැවති  ව්‍යුහ ගොඩනැගිමේ හැකියාව මෙන්ම ප්‍රොටින අනුවල සංඝටක අනුපිලවෙල හා ජ්‍යාමිතික හැඩයන්ගේ වෙනස්කම් ඔස්සේ විවිද වෙනස් රසායනික ගුන සතුකර ගැනි‍මේ හැකියාව හා  න්‍යශ්ටික අම්ල(DNA සහ RNA) වලට තමා විසින් තමා වැනිම තවත් අනුවක් සකස්කර ගැනිමේ හැකියාව වැනි සුවිශේෂි ගතිලක්ෂන පැවතිම ඒ අතර කැපි පෙනෙන නවතත්වයන් විය.
මෙම සුවිශේෂි හැකිවන් සහිත රසායනික අනු තවදුරටත් තනි තනිව පවතිනවා වෙනුවට එකනෙකා අතර රසායනික බැදිම් පුලුල් කරගනිමින් අන්‍යොන්‍ය සහයෝගි තාවයකින් යුතුව ඒකරාශිවි  සංකිර්නත්වය තුලින් ස්තායිතාව සොයායන නව ප්‍රවනතාවයක් ගොඩනැංවිය. එය මෙතෙක් කල් පැවති ලෝක සම්මතයට පටහැනිව සිදුවන ක්‍රියාදාමයක්විය. මෙය මිහිතලයේ ඉරනම වෙනස් කල සංදිස්තානය වන  ජිවයේ ආරම්බයයි.
 ඇසට නොපෙනෙන  කාබෝහයිඩේට හා ප්‍රෝටින කැටිති තුලට කාවැදුනු න්‍යෂිටික අම්ල අනු මෙන්ම බොහෝ රසායනික ඒකරාශිව  එකම යන්ත්‍රයක කොටස් මෙන් එකිනෙකට සම්බන්දව රසායනික ප්‍රතික්‍රියා දාමයක් අකන්ඩව පවත්වා ගෙන යෑම මගින් සිල්ලන්ගේම පැවැත්ම තහවුරු කර ගැනිම තුල සාගර ජලය මත ප්‍රාථමික සෛලය පරිනාමය විය.
මෙම ප්‍රාතමික සෛලය තුල විවිද රසායනික සංයෝගවල අනු එකිනෙකට වෙනස් කාර්යන්හි වගකිම දරන පරිදි රසායනික සහයෝගිතාවයක් ගොඩනැගිතිබිනි. පිටත  පිහිටි ප්‍රෝටින හා කාබෝහයිඩ්‍රෙට යන් ආවරනයක් හෙවත් සෛල පටලයක් ලෙස පැවතිම නිසා අභ්‍යන්තරයේ ඇති ද්‍රව්‍ය විසිරි නොගොස් එක ඒකකයක් ලෙස පැවති අතර සෛල මද්‍යයේ පිහිටි න්‍යෂ්ටික අම්ල හා ප්‍රෝටින වල අංතර් සහයෝගයෙන් නිසි කලට නිසි ප්‍රතික්‍රියාව සිදුවන පරිදි රසායනික ප්‍රතික්‍රියා දාමයන් පෙල ගැසිනි.
මෛම රසායනික ක්‍රියාදාමය තුල දි අකන්ඩ පැවැත්ම උදෙසා නව සංයෝග සංස්ලේෂනය මෙන්ම පවතින සංයෝග බිදවැටිම සිදුවු අතර එම ක්‍රියාවලින්ට අවශ්‍ය කරන ඇතැම් පදාර්ත පිටතින් සෛලය තුලට ලබාගැනිමද සිදුවිය.මේ අනුව මෙම රසායනික ක්‍රියාදාමය සංකිර්නත්වය හේතුවෙන් තවදුරටත් හුදු රසායනික ප්‍රතික්‍රියාවලියක් ලෙස විග්‍රහකිරිමට නොහැකිවන තරමේ ගුනාත්මක නව තත්වයකට පත්ව තිබිනි එය ජීවය හෙවත් ජෛව රසායනික ක්‍රියාවලියක් ලෙස හදුනාගත හැකිය.
ඒ අනුව මෙම ප්‍රාතමික සෛලයන් පැවැත්ම උදෙසා පිටතින් ද්‍රව්‍ය බක්ෂනය කරගැනිම හෙවත්  පාරිබෝජන‍ය ඓතිහාසිකව ආරම්බ කල අතර  එක් සෛලයක් වයස් ගතවු පසු තමා මෙන්ම නව සෛලයක් බිහිකිරිම හෙවත් ප්‍රජනනය වැනි ජෛවිය ගුනාංග  දිනෙන් දින දියුනුකරගනිමින් පරිනාමියට ලක්විම සිචුවිය.
ක්ෂ්‍රද්‍ර ඒක සෛලික ජිවින් ගේ දර්ශිය ආකාරයක් වන ඇමිබාවන් වැනි ජිවින් තමා දෙසට පාවි එන ආහාර අංශු සිරුර තුලට ඇතුලු කර ගත්තේ තම සෛලයෙන් පිටතට නෙරායන ආශයිකාවක මාර්ගයෙන් බක්ෂනය කරගැනිම මගිනි,





01.1 ඇමිබාවකු  ආහාර අංශුවක් ගිලගන්නා ආකාරය

 




පසු අවදින් හිදි ආහාර අංශු පිටුපස හබාගොස් අහර ගිලගත හැකිවන පරිදි කශිකා වැනි සංචරන උපඉන්ද්‍රිකා සහිත ඒක සෛලික ජිවින් පරිණාමයට ලක්වු අතර මෛම අවදියට සමගාමිව ප්‍රභාසංස්ලේෂන හැකියාව සහිත ඒක සෛලිකයින් පරිනාමයට ලක්විය. එය ප්‍රාතමික නිශ්පාදකයින් හෙවත් ශාක ලෝකයේ ආරම්බය ලෙස සැලකිය හැකිය.මේ අනුව පෘතිවිය මත හිරුඑලියේ ශක්තියෙන් ආහාර නිපදවන ජිවින් මෙන්ම එම කාබනික ආහාර මත යැපෙන ජිවින් ලෙස ජිවි මාදිලින් දෙකක් බිහිවි හමාරය.





ඒක සෛලිකයන් ගේ ආහාර පරිබෝජනය  මෙන්ම මුලුමහත් ජිවන ක්‍රියාවලියම පාලනයවුයේ සෛල මධ්‍යයේ පිහිටි න්‍යෂ්ටියෙහිවු ප්‍රවේනික තොරතුරු සටහන් වි ඇති න්‍යෂ්ටික අම්ල අනු (DNA හෝ RNA)වල රසායනික කාංඩ අනුපිලිවෙල මගින් ලබාදෙන සංඤාවක ප්‍රතිපලය ලෙස මිස සවිඤ්ඤානිකව නොවේ.
මෙම ඒක සෛලිකයින් සාගර ජලය තුල දිර්ඝ කාලයක් පරිනාමයට ලක්විමෙන් සරල බහු සෛලික සත්වයින් පරිණාමය විය. විශේෂයෙන්ම අද පවා සාගරවාසිව ජිවත්වන  සීලෙන්ට්‍රෙටා ( phylum coelenterate) සත්ව වංශයට අයත් කොරල් පර බිහිකරන කොරල් බුහුබාවන්, ලොඩියන් වැනි සතුන් තුල ආහාර අංශු අල්ලාගැනිමට මෙන්ම සිරුර තුලට ගැනිමට සරල අවයව පරිණාමයට ලක්විතිබු නමුත් ඒවාට හැකිවුයේ තමා අසලට පාවිඑන ආහාර අංශුවක් ඩැහැගැනිම පමනි.






මුහුදු මල ලෙස හදුන්වන සරල සීලෙන්ට්‍රෙටා සත්වයා


කෙසේ වෙතත් වසර ලක්ෂ ගනනක ඇවැමෙන් සරල ස්නායුපද්ධතියක් සහිතව පරිණාමයවු ඇනලිඩා හා නෙමටෝඩා සත්ව වංශ වලට අයත් පනුවන්ට නිශ්චිත දිශාවකට චලිත වෙමින් ආහාර හා මුලික ජිවන අවශ්‍යතාවන්ට හිතකර පරිසරය සොයායැමේ හැකියාව සතුවිය.මේ අවදිය වන තෙක්ම ජිවින් සතුවුයේ ඉතාසරල සංවෙදි අවයව කිහිපයක් පමනි.ඒවා බොහෝවිට උෂ්නත්වය,කම්පනය හෝ ආහාරයක රසායනික සංවෙදනයකට පමනක් සංවේදිවිය.
පසු අවදියකදි පරිනාමය වු සත්ව වංශතුල සරල ස්නායු දැලිස වෙනුවට හිසක් තුල සංවිධානය වු ගැංග්ලියම් කිහිපයක් හෝ සරල මොළයක් පැවතිම හේතුවෙන් හා ඒ හා සම්බන්ද සංවේදි අවයව වල පිටුබලය යටතේ ජිවත් විමට හිතකර පරිසරය ආහාර සොයාගොස් පාරිබෝංනය කිරිම වඩාත්විදිමත් හා සංවිධිත කාර්යක් බවට පත්විය. ආහාර රටාව, ආහාරයේ රසායනික ගුණ පිලිබද සංවෙදිභාවය වැනි තොරතුරු මොලය හා සමිබන්දව ස්නායු පද්දතිය මගින් පාලනයවු අතර එම ස්නායු පද්දතිය ඇස් හෝ ඝන්ද ප්‍රතිග්‍රාහක අවයව සමග මනාව සමායෝජනය වෙමින් නව පාරිබෝජන චර්යාවන් නතුකරගනු ලැබිය.
මොවුන්ගේ අවැමෙන් පරිණාමයවු මොලුස්කා හා ආත්‍රපෝඩා(සංදිපාදිකයින්) වැනි සත්ව වංශවල දියුනු අහාර පරිබෝජන රටාවන් සත්වයන් සතුවිය.දැල්ලන් බුවල්ලන් වැනි සත්වයන්ට ගොදුරු පසුබස හඹාගොස් අල්ලා අහරට ගැනිමට හැකිවන පරිදි සංචරන උපාංග සකස් විමත් ඒවා සමග හොදින් සමායෝජනය වන ඇස් පිහිටිම මෙන්ම මොළය විසින් මෙම සමස්ත චරයාවන් උපක            මශිලිලෙස මෙහෙයවිමත් දක්නට ලැබැනි.

සත්ව පරිණාමයේ වඩාත් දියුනුම සත්ව වංශය වන කෝඩේටා(කොදු ඇටපෙළ සහිත) වංශයේ පරිනාමය සිදුවන විට මොළය අනෙකුත් ඉන්ද්‍රින් මෙන්ම කැපිපෙනෙන දියුනුවක් අත්කර ගෙන තිබිනි.අහාර සොයාගැනිම පරිබෝජනය මෙන්ම ලිංගික චර්යාවන් පවත්වා ගැනිම ඇතුලුව මුලුමහත් ජිවන අවශ්‍යතාවන් මොළයේ සෘජු මැදිහත්විම මගින් පවතින පරිසරික තත්වයන් පිලිබද අවබෝධයකින් යුතුව සිදුකල හැකි පරිදි සත්ව ජිවිත පිරිණාමික සංකිර්ණත්වයක් අතකරගෙන තිබිනි.එමෙන්ම ශරිර අභ්‍යන්තරයද කටුක පරිසර තත්වයන් හමුවේ පවා ජිවය නොනැසි පැවතිමට හැකිවන පරිදි දියුනු ඉන්ද්‍රිය පද්දතින් සහිතව වැඩිවර්දනය වන්නට විය.
දේහ පරිණාමයේ සිදුවු මෙම වෙන්ස්විම් තුල සරල ස්නායු දැලිස වෙනුවට අතිසංකිර්ණ නියු‍රෝනික සම්බන්දතා ජාලයකින් යුතු මොළයක් සහිත ක්ෂිරපායි සත්ව ගෝත්‍රයක්වන ප්‍රයිමේටා (රුක්වාසින්) සතුන්  දක්වා පැමිනීමේදි  ආහාර සොයාගැනිම ඇතුලුව සමස්ත පාරිබෝජන ක්‍රියාවලිය සරල අනිච්ඡානුක ක්‍රියාවක සිට සංකිර්න ඉජ්ජානුක(සිතා මතා සිදුකරන) ක්‍රියාවක් බවට පිරිවර්තනය විය.මේ අවදිය වන විට මොළයේ සිදුව තිබු ප්‍රමානාත්මක සංකිර්නතාවය මත එහි ක්‍රියාකාර්තවය තවදුරටත් ස්නායු සෛල අනුපිලිවෙල මගින් ලබාදෙන රේකිය සංඥාවන් සමුහයක් ලෙස නොව සවිඤ්ඤානික ක්‍රියාවලියක් ලෙස ගුණාත්මක නවතාවයකට එලඹ තිබිනි.එම ජෛව විද්‍යාත්මක ඉදිරි පිම්ම චර්යාමය පරිණාමයකට මග සලසන්නට විය.

පාරිබෝජනයට අදාලව සත්ව චර්යාවන්ගේ පුර්ව අවදියේ පැවති අනිජ්චානුක සහජාසි චර්යාවන් අතර ආහාරයක සුවද ආග්‍රහනය වු විට මුඛයට කේටය ස්‍රාවය විම, කුඩා පැටවුන් මවගේ තනපුඩුවල මුව ගැටුනු වහා කිරිඋරාබිමවැනි දැ දක්නට ලැබුනු අතර මෙම චර්යාවන්ගෙන් ඔබ්බට ගිය දියුනු චර්යාවන් දියුනු ක්ෂිරපායින් තුල පරිණාමයවිමට ඉහත කි මොළයේජෛව විද්‍යාත්මක දියුනුව ද්‍රව්‍යාත්මක පිටුබලය සැපයිය.

වානරයින් වැනි සත්වයන් ජිවිතයේ අවස්තා කිහිපයක ලද අත්දැකිම් යම් නිශ්චිත අරමුනක් ඉටුකර ගැනිම වෙනුවෙන් සම්බන්දිකරනය කොට යොදාගැනිමට හුරුවිම හෙවත් ප්‍රතිවේදාත්මක ඉගෙනිමට හුරුපුරුදු විය.මෙබැවින් මෙම අවදියෙන් පසුව ජිවයේ අකන්ඩ පැවැත්ම ආරක්ෂා කර ගැනිම හා පාරිබෝජනය ජෛව විද්‍යාත්මක ක්‍රියාදාමයකට වඩා ඔබ්බට යමින් සවිඤ්ඥානික චර්යාවක් ලෙස ගුණාත්මක ඉදිරි පියවරක් තැබිය.
ආහාරගැනිමේ ආශාව ජීවත් විමේ ආශාව සත්ත්ව වර්ගයා නොනැසි පැවතිමේ උපස්තම්බනය බවට පත්විය.මුල් අවධියේ ධන රසායනික එන්ට්‍රොපියක් උදෙසා පෙළගැසුනු රසායනික ප්‍රතික්‍රියාදාමයක් මගින් රැකගත් ජිවය මින් මත්තට විඤ්ඤානයේ සලකුනුවු ආශාව හා තන්හාව විසින් පවත්වා ගෙන යන ක්‍රියාදාමයක් 

Comments